ආපන ශාලාවක කළමනාකරු රවටා මුදල් ගෙන පළා ගිහින්


(බුද්ධික කුමාරසිරි)

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටි ආපන ශාලාවකට පැමිණි පුද්ගලයකු එහි කළමනාකරු රවටා සූක්ෂම ලෙස රුපියල් 13000ක් රැගෙන පළාගිය අයුරු ආපන ශාලාවේ සීසීටීවී කැමරාවල සටහන්ව ඇතැයි පොලිසිය කියයි.

ආපන ශාලා හිමිකරු හඳුනන බව පවසා තමා විසින් ඔහුට රුපියල් පන්දහසක් ලබා දීමට නියමිත බවත් මුලින් රුපියල් පන්දහසක් ලබා දී ඇති බවත් පසුව අයකැමි හා එහි කළමනාකරු සමග මිතුරු වන මෙම පුද්ගලයා සූක්ෂම අයුරින් එහි කළමනාකරු සමග ආපනශාලාවෙන් පිටතට පැමිණ කළමනාකරු වෙනත් කටයුත්තක් සඳහා යොමුකර නැවතත් අයකැමි අසලට පැමිණ කළමණාකරු අත එවන බව පවසා තමා ලබා දුන් රුපියල් පන්දහස සහ තවත් රුපියල් අටදහසක් වංචා සහගතව රැගෙන පළා යන ආකාරය එම දර්ශනවල සටහන්ව ඇත.