(ජේ.කේ.එල් චාමින්ද)
අයහපත් කාලගුණික තත්වය නිසා විපතට පත්වුවන්ට ගාල්ල දිස්ත්‍රික්කය තුළ සුරැකුම් මධ්‍යස්ථාන 6ක් ස්ථාපිත කොට ඇති අතර එම මධ්‍යස්ථානවල පවුල් 75කට අයත් පුද්ගලයින් 264 දෙනෙකු සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සුරකුම් මධ්‍යස්ථාන 04ක් පිහිටුවා ඇත. කොකාවල සිරිසදහම් විහාරස්ථානයේ පවුල් 27කට අයත් පුද්ගලයින් 102 දෙනෙකුද, දොඩන්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පවුල් 5කට අයත් පුද්ගලයින් 24 දෙනෙකුද, පිලගොඩ විහාරස්ථානයේ පවුල් 3කට අයත් පුද්ගලයින් 09 දෙනෙකුද, ඉහල කිඹිය විහාරස්ථානයේ පවුල් 4කට අයත් පුද්ගලයින් 12 දෙනෙකු සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක මේජර් ඉන්දුක වික්‍රමසිංහ මහතා පවසයි.
ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් පිහිටුවා ඇත. පියදිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ 33කට අයත් පුද්ගලයින් 90 දෙනෙකුද මිලිද්දුව ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානයේ පවුල් 3කට අයත් පුද්ගලයින් 27 දෙනෙකු සිටින බවද වික්‍රමසිංහ මහතා පවසයි.