(දසුන් රාජපක්ෂ)
ආනයනය කරන ලද ටින් මාළු කන්ටේනර් කිහිපයක් කොළඹ වරාය තුළ සිර වී තිබෙන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ තත්ත්ව පාලන සහතික ලබා දීම ප්‍රමාද වී ඇති නිසා ටින් මාළු වරාය තුළ සිර වී තිබෙන බවයි.
නරක් වූ ටින් මාළු තොගයක් කොළඹ වරායේ තිබී හමු වූ අතර ඒ හේතුව මත සියලු ටින් මාළු බහාලුම් පරික්ෂාවට ලක් කිරීමට ආහාර පාලකවරයා නියම කර තිබිණි.

