(සිරංගිකා ලොකුකරවිට)
ගංවතුරින් විපතට පත් නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් 200ක් සඳහා බෙදා දීමට ආධාර තොගයක් අද (13) හිරියාල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ජගත් මංජුල යාපා මහතා විසින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙත භාර දෙන ලදී.
ගළුකු සමූහ ව්‍යාපාරයේ අධිපතිවරයා වන ජගත් මංජුල මහතා විසින් පවුල් 200ක් සඳහා අවශ්‍ය කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, වියළි ආහාර අඩංගු කන්ටේනර් රථය අද උදෑසන නිදහස් චතුරශ්‍රය අසළ දී අමාත්‍යවරයා වෙත භාර දීමෙන් පසු එය නාගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යොමු කෙරිණි.
ජගත් මංජුල යාපා මහතා මීට පෙර රත්නපුර හා මාතර දිස්ත්‍රික්කයන්හි විපතට පත්වූවන් සඳහා ද කන්ටේනර් දෙකක භාණ්ඩ තොගයක් යවා තිබිණි.



