ආණමඩුවේ ආපන ශාලාවකට වෙඩි තබයි


(පුත්තලම - ජුඩ් සමන්ත)


ආණමඩුව - ආඩිගම මංසන්ධියේ අළුත විවෘත කරන ලද ආපන ශාලාවකට යතුරු පැදියකින් පැමිණි අයෙකු විසින් වෙඩි තබා පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව පල්ලම පොලීසිය කියයි.


27 වැනිදා රාත්‍රී 10.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇත.


වෙඩි තැබීම සදහා බෝර 12 ගිනි අවියක් භාවිතා කර ඇති බවත්,ඉන් නිකුත් වූ උණ්ඩ 05 ක් හෝටලයට වැදී ඇති බවත් විමර්ශන කටයුතු කරන පොලීසිය කියයි. වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති හෝටලය මෑතකදී ආරම්භ කරන ලද එකක් බවත්, ඇතැම් විට වෙනත් හෝටල් හිමිකරුවෙකුගේ අවශ්‍යයතාවය මත කිසියම් අයෙකු විසින් මෙම වෙඩි තැබීම කරන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.


පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.