ආගරපතනේ ලොරි රථ අනතුරකින් දෙදෙනෙකුට බරපතල තුවාල


(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ - ඩයගම මාර්ගයේ ආගරපතන  වුඩ්ලේකර් ප්‍රදේශයේදී අද (12) කුඩා වර්ගයේ ලොරි රථයක් පාරෙන් ඉවතට පැන ගසක වැදී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව ආගරපතන පොලීසිය කියයි.

තුවාල ලැබූ පුද්ගලයන් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට ඇති අතර ලොරි රථයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව ආගරපතන පොලීසිය පවසයි.

මෙම අනතුර සම්බන්ධයෙන් ආගරපතන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.