අ‘පුර නාගරික කොමසාරිස්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග


(උපාලි ආනන්ද)

අනුරාධපුර නාගරික කොමාසාරිස් අජන්ත ගුණවර්ධන මහතාට ලබන 11 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසට උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා නියෝග කළේය.

කඩ 12 ප‍්‍රදේශයේ පවතින ප‍්‍රධාන මාර්ගය එක් පසෙකින් පළල් කිරීමේ අරමුණින් එක් පසක ඇති වෙළෙඳසැල්වල ඉදිකිරීම් අනවසර යැයි පවසා ඉවත් කිරීමට අනුරාධපුර මහ නගර සභාව ගෙන ඇති තීරණයද  අත් හිටුවමින්  මහාධිකරණ විනිසුරුවරයා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.