අහිතකර කෑම-බීම විකුණු 48කට නඩු


(  එච්. චන්දන  සහ  පත්මා කුමාරි )

කල්පිටිය  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ ඉකුත් දින  හතර තුළ කරන ලද  වැටලීම්වලදී  ව්‍යාපාරිකයින් 48 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව එම වැටලීම් කළ සෞඛ්‍ය පරීක්ෂකවරයෝ පවසති.

කල්පිටිය , නොරොච්චෝලේ,තලවිල, මාම්පූරිය  යන ප්‍රදේශවල ඇති හෝටල් සහ සිල්ලර බඩු අලෙවිසල් රැසක් මෙහිදී පරීක්ෂා කර ඇත.

සෞඛ්‍යයට අහිතකර ලෙස පවත්වාගෙන ගිය හෝටල් , කෘමි සතුන් සහිත ආහාර හා කල් ඉකුත්වූ ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයින් හා  සීනි වර්ණ රෙගුලාසි උල්ලංඝණය කළ සමාගම් කිහිපයකටද මෙහිදී නඩු පවරා තිබේ.

නඩු පවරනු ලැබූ සියළු ව්‍යාපාරිකයින්  කල්පිටිය හා පුත්තලම අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.