අහංගම ජලයෙන් යටවෙයි


(සුමතිපාල දීයගහගේ )
 

නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වැස්ස නිසා අද(22) අහංගම නගරය ජලයෙන් යටවී ඇත.
 
මහ වැස්ස නිසා ගාල්ල මාතර මහා මාර්ගය සහ අහංගම ඉමදුව මහා මාර්ගයද නගරයේ කඩ සාප්පු හා නිවාස කිපයක්ද ජලයෙන් යටවී තිබේ.
 
සමහර කඩ සාප්පු සහ නිවාස ඇතුළට අඩියක්  පමණ උසට ජලය ගලා ගොස් ඇත.
 
මාර්ග සංවර්ධන අධිකාරිය විසින්  අහංගම නගරයේ කාණු  පද්ධතිය අක්‍රමවත්ව ඉදි කිරිම නිසා නිරන්තරයෙන් අහංගම නගරය ජලයෙන් යටවන බව නගර වැසියෝ පවසති.