( ජේ.කේ.එල්. චාමින්ද)
අසු දෙහැවිරිදි කාන්තාවක් බලහත්කාරයෙන් දුෂණය කොට මාස තුනක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සැගවි සිටි සැකකරුවකු අක්මිමන තලගහ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බැව් අක්මිමන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි වියේ පසුවන වදුරඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. සැකකරු පොල්කැඩිම සදහා මෙකි කාන්තවගේ නිවසට පැමිණ ඇත.පසුව සැකකරුවිසින් ඇයගේ නිවසට ඇතුලත් වි මෙකි කාන්තාව බලහත්කාරයෙන් දුෂනය කොට ඇති බැව් පොලිසිය පවසයි.
කාන්තාව සැකකරු සමග පොරබැදිමෙන් ඇදවැටි ඇයගේ හිසටද තුවාල වි තිබු බව පොලිසිය පවසයි. මෙකි සිද්ධියවන අවස්ථාවේ මෙකි කාන්තාවටත් වඩා වයස්ගත සහෝදරයකු හා 77 හැවිරිදි වියේ පසුවන නැගණියද නිවසේ සිට ඇත.
ඔවුන්ටද කිසිවක් කරගැනිමට නොහැකිවි ඇත. සැකකරු විසින් තම ඇද සිටි සරම නිවසේ දමා පොර උරයක් ඇදගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. සැකකරු ඇද සිටි සරම ඩි.එන්.ඒ පරික්ෂණයක් සදහා යොමුකිරිමට කටයුතු කරණ බවද පොලිසිය පවසයි.
ඉකුත් පෙබරවාරි මාසයේ දි මෙම සිද්ධිය වි ඇත. සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සිටි අතර. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අද (07) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.