ගලගම ශ‍්‍රී අත්ථදස්සී සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන්ගේ අපවත්වීම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ සිය සාතිශය සංවේගය පළකර සිටින බව නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ගලගම ශී‍්‍ර අත්ථදස්සී මහනාහිමියන් කුරුණෑගල මැටියගනේ රජ මහා විහාරය, මහියංගනය රජ මහා විහාරය අය විහාරයන්හි විහාරාධිපති ධුරයන් දරමින් ද අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, අනුනායක, මහනායක යන පදවි දරමින් ද පුරා වසර 80ක් ඉටු කරන ලද ශාසනික මෙහෙවර අනුපමේය බවද ඔහු පෙන්වා දෙයි.