සිංහල හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා පිටත්ව යන මගින්ගේ පහසුව සඳහා විශේෂ බස් රථ සේවාවක් අප්‍රේල් 8 වැනි දා සිට 25 වැනි දා දක්වා ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි රාජා ගුණතිලක මහතා පවසයි.
කටුනායක වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ පහසුව සඳහා අමතර බස් රථ යොදවන ලෙස නිට්ටඹුව,ගම්පහ, ඩිපෝ වලට උපදෙස් දී ඇති බව ද ඔහු සඳහන් කළේය.
කලින් ආසන වෙන් කිරිම නවතා ඇති බවත් මෙවර අතිරේක බස් 4500 කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බව ඔහු පවසයි.