පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගාවේදී වාර්ෂිකව පවත්වනු ලබන අලුත් සහල් මංගල්‍යය දෙවන වරටත් ඉරිදා (12) පැවැත්විණි.
හේවිසි නාද මධ්‍යයේ පහන් දැල්වීමෙන් අනතුරුව බුද්ධ වන්දනාව පවත්වා මංගල සහල් පාත්‍රය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කළහ.
ඉන් අනතුරුව මහා සංඝරත්නයත් දිවයිනේ සිව් දෙසින් පැමිණි සැදැහැවතුන් විසිනුත් තම කුඹුරෙන් ලද අස්වැන්නේ පළමු කොටස බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරනු ලැබූහ.
කිසිදු සත්ව ඝාතනයක් සිදු නොකොට පරිසරයටද විස එකතු නොකොට ධාර්මිකව, බොහෝ දුක් මහන්සි වී සපයා ගත් තම අස්වැන්නේ පළමු කොටස මේ අයුරින් මහත් උත්සවාකාරයෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කැරිණි.