අලි මෙහෙයුමට බාධා කළ අයෙක් අත්අඩංගුවට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේ  ගම් වැදි සිටි වල් අලි  රංචු කිපයක් පලවා හැරීමට පැමිණි වන ජීවී නිලධාරින්ගේ රාජකාරියට බාධා වන ආකාරයට හැසිරුණු අයකු අද( 23) සවස අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි.

 පුත්තලම දිස්ත්‍රික්  වන ජීවී පාලන එකකයේ   වන ජීවි නිලධාරින් සමග සිවිල් ආරක්ෂක නිලධාරින්  කොට්ටුකච්චිය ගල්කුලම ඇතුළු ප්‍රදේශ රැසක රැඳී සිටි 30 කට ආසන්න අලි රංචු පළවා හැරිමට පැමිණ සිටියදි බිමතින් පැමිණි අයකු අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පොලු රැගෙන නිලධාරින්ට පහර දීමට තැත්කර ඉන් පසුව පිහියකින් පහර දිමට කටයුතු කළ බව කියති.