අලි කරදරවලට විසඳුම් ඉල්ලා උද්ඝෝෂයක්


(පැතුම් දර්ශන)

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුක්වැව, පඬරැල්ලෑව, පංවැල්ල,මීමින්නාවල,යන ගම්මානවල ජනතාව අද (4) කහටගස්දිගිලිය නගරයට පැමිණ උද්ඝෝෂණයක නිරතවූහ.

වන අලි ගම් වැදී ජීවිත හානි සිදුකරමින් දුක් මහන්සියෙන් වගාකරන ලද බෝග විනාශ කිරීමෙන් ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවත් පවසමින් මොවුහු මෙලෙස උද්ඝෝෂණය කරති.

වසර දහයකට වැඩි කාලයක පටන් තමන් මෙම ගැටළුවට මුහුණ දී සිටින බවත් මෙම තත්වය ඉදිරියටත් පැවතුණහොත් ගම්බිම් අතහැර යාමට තමන්ට සිදුවී ඇති බව ගම්මු පවසති.