අලි - තිරික්කල රේස් නැතිවෙයි


සතුන්ට හිංසාවක් ඇතිවන පරිදි අලි රේස් හා තිරික්කල රේස් පැවැත්වීමට එරෙහිව සංවිධාකයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය  පියවර ගත් බවත් ඒ හේතුවෙන් මෙවර අලි - තිරික්කල් රේස් පැවැත්වීම සිදු නොවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙවැනි තරග වලදි සතුන් වද හිංසාවාට ලක්වන බව සතුන් සුරැකීමේ සංවිධාන වලින් පෙන්වා දි ඇත. සතුන්ට තරග වලදි පහර දිමට සිදුවන  නිසා සත්ව හිංසනය වැලැක්වීමේ පනත යටතේ මෙම තහනම පනවා ඇති බවත් ඒ සම්බන්ධව චක්‍ර ලේඛනයක්ද නිකුත් කර ඇති බවත් එය සියලු පොලිස් ස්ථාන වෙත හා පොලිස් ස්ථානාධිපතිවරු වෙත යවා ඇති බව ගුණසේකර මහතා සඳහන් කියයි.

vlcsnap-2016-04-14-04h31m16s153