අරුවක්කාලුවේ දුගඳ ඉවසාගත නොහැකිව ගැමියෝ පාරට බසිති


(ප්‍රියංකර ජයසිංහ )
 
අරුවක්කාලු කසළ අංගනයේ පවතින දුගඳ ඉවසා ගත නොහැකියැයි කියමින් සේරක්කුලිය ගම්වාසින් වනාතවිල්ලුව නගරයට අද (30) පැමිණ විරෝධතාවයක නිරත වි එහිම කුඩාරම් සකසා නතරවීමට තිරණය කර තිබේ.
 
අරුවක්කාලු කසළ අංගනයේ පසුගිය දින කිපය පුරා පැවති දුඟද නැවති නොයාම නිසා අද උදෑසන වනාතවිල්ලුව කතෝලික දෙවස්ථානයට පැමිණිම සිදුව තිබුණි.

මෙහිදි වනාතවිල්ලුව  මීසම් පාලක ක්‍රිස්ටි පෙරේරා පියතුමන් ජනතාව දැනුවත් කරමින් පවසා සිටයේ ජනතාවට තම අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු අයකුට හිරිහැරයක් නොවන ලෙසට සාමකාමි අයුරින් විරෝධය පෑමට අයිතියක් ඇති බවත් ඒ අනුව ක්‍රියා කරන ලෙසය.

පසුව දෙවස්ථානයේ සිට වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණි සේරක්කුලිය ජනතාව තමන්ගේ ජීවිත් විමේ අයිතිය බළධාරින් අහිමි කර ඇති බවට පවසමින් පැය තුනකට ආසන්න කාලයක් විරෝධතාවයක් පැවැත්විම සිදුවිණි.
 
විරෝධතාවය ආරම්භ සිදුවන අවස්ථාවේදී වනාතිවිල්ලුව පොලිස්ථානයේ නිළධාරින් පිරිසක් පැමිණ පුත්තලම අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් ලබා දෙමින් පවසා සිටියේ අධිකරණ නියෝග වලට පිටින් ගියහොත්  එරෙහිව කටයුතු කිරිමට සිදුවන බවයි.
 
එම විරෝධතාවය සදහා කිසිදු වගකිවයුතු පාර්ශවයක් නොපැමිනිම නිසා කුඩාරම් සකසමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ යාබද බිමක කුඩාරම් සකසමින් නැවතීමට මෙම ජනතාව කටයුතු කරමින් සිටිති.