(ප‍්‍රදීප් කුමාර ධර්මරත්න)
අරණායක ප‍්‍රදේශයේ ග‍්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් අධික්ෂණය කිරීමේ දී විවිධ අක‍්‍රමිකතා සිදුකළැයි කියන අරණායක ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ හා ප‍්‍රාදේශීය සභාවේ සේවය කළ කාර්මික නිලධාරීන් (ටීඕ) සිව්දෙනකු පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
2010 වසරේදී අරණායක මාර්ග 08 ක් ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය විසින් වෙන් කළ මුදල් අදාල කොන්ත‍්‍රාත්කරුවන් සමඟ එක්ව අවභාවිතා කිරීම නිසා එම මාර්ගවල ඉදිකිරීම් කටයුතු නිසි පරිදි සිදු නොවී ඇති බවට මෙම නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
එක් මාර්ගයක් ඉදිකිරීමේදී රුපියල් ලක්ෂ 6 කට වැඩි මුදලක් අවභාවිතා වී ඇති බව අනාවරණය වී තිබේ.
එම අක‍්‍රමිකතා පිළිබඳව රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් කරනු ලැබූ විමර්ශණකයදී අනාවරණය වී ඇති තොරතුරු අනුව එම නිලධාරීන් කොන්ත‍්‍රාත්කරුවන්ගේ ඕනෑ එපාකම් මත එම මාර්ග ඉදිකිරීමට අනුමැතිය ලබා දී ඇති බවට හෙළි වී තිබේ.
චොදනා ලැබ සිටින නිලධාරීන්ගෙන් එක් අයකු දැනට විශ‍්‍රාම ගොස් සිටියි.
මෙම නිලධාරීන් සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් පරීක්ෂණ පැවැත්වේ.