අරගලයේ පුරවැසියෝ විරෝධතාවයේ


පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජන අරගලයේ  පුරවැසියෝ සංවිධානය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක්  කොළඹ තුම්මුල්ල එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී අද (20) පැවැත්විය

එහිදී ඔවුන් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ යෙදුණු අතර එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සංදේශයක් ද භාර දුන්හ .

(ඡායාරූපය: ශාන්ත රත්නායක)