(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය මලයාලපුරම් අයියන්කන් කුලම් වැවට දිය නෑමට ගිය මලයාලපුරම් ගම්මානයේ පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
මලයාලපුරම් අයියන්කන් කුලම් වැවට දිය නෑම සඳහා පිය සහ පුතා එක්ව ඊයේ (15) සවස ගොස් ඇති අතර වැවේ දිය නාමින් සිටි පියා එකවරම අතුරුදහන් වීමෙන් පසුව පුතා සෙව්වද සෙවීමට නොහැකි වීමෙන් උදව් ඉල්ලා කෑගසා ඇති අතර පසුව ප්‍රදේශවාසීන් ද එක්ව පියා සෙවීම් කළද සොයාගැනීමට නොහැකිව ඇත.
අනතුරුව මේ පිළිබඳව කිලිනොච්චිය පොලීසියට දැනුම් දී නාවික හමුදාවේද සහය ලබාගෙන කිමිදුම් කරුවන් මාර්ගයෙන් අතුරුදහන් වූ පියා සෙවීමට පොලීසිය විසින් මේ වන විට පියවර ගෙන ඇත.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කිලිනොච්චිය පොන්නගර් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 ක් වයසැති තිදරු පියෙකු වූ මුත්තුලිංගම් අරුමේයිනාදන් නැමති අයෙකු බවට හඳුනාගෙන ඇති අතර කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.