(රංජිත් රාජපක්‍ෂ)
තම සමෘද්ධි කාඩ්පත් අවලංගු කර එම කාඩ්පත් වතුකරයේ ජනතාවට ලබා දි ඇති බවට චෝදනා කරමින් අඹගමුව ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් සමෘද්ධි කලාප පහක සමෘද්ධි ලාභිහූ පිරිසක් අද (04)එම කාර්යාලයට පිවිසෙන මාර්ගය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
ගිනිගත්හේන, පොල්පිටිය, නෝටන්බි‍්‍රජ් විදුලි පුර, හැටන් සහ නොර්වුඩි යන සමෘද්ධි කලාප වල සමෘද්ධි ලාභිහූ මෙලෙස උද්ඝෝෂණයට එක් වූහ.
ඉන් අනතුරුව ඔවුහු ගිනිගත්හේන බස්නැවතුම්පොළ වෙත ගොස් එහිදිද විරෝධතාවක් පැවැත්වූහ.
විරෝධතාකරුවන් අවධාරණය කර සිටින්නේ තමන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදිවි ඇති නිසා තමන්ට මෙතෙක්ව හිමිව තිබු සමෘද්ධි කාඩ්පත නැවත ලබා දෙන ලෙසයි.