අම්බලන්ගොඩින් ගිනි අවි සමඟ තවත් අයෙක් අත්අඩංගුවට
සුමතිපාල දියගහගේ
අම්බලන්ගොඩ තිලකපුර සිරිසුමනපුර ප්‍රදේශයේ දී ගිනිඅවි කීපයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
පොලිසිය විසින් මෙම සැකකරුගේ නිවස පරීක්ෂා කර මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් එම ගිනිඅවියට යොදන ජීව උණ්ඩයක් මෙරට නිෂ්පාදිත ගල්කටස් ගිනිඅවියක කොටස් කීපයක් සහ කඩු දෙකක් ද සොයා ගැනීමට පොලිසියට හැකිවී ඇත.
සැකකරු සමඟ එම ගිනිඅවි ද අද (13) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.