අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් මාකදුර කානුවක තිබි සොයාගනි


(හේමලතා ඩී හේවගේ)

මීගමුව කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පන්නල - මාකඳුර 31 කණුව ආසන්නයේ කානුවක තිබී අබිරහස් ලෙස මියගිය පිරිමි පුද්ගලයෙකුගේ මල සිරුරක් අද (23) සොයා ගත් බව පන්නල පොලීසිය කියයි.

පොලීසියට ලද තොරතුරකට අනුව සොයා ගත් මෙම සිරුරෙන් දැඩි දුර්ගන්ධයක් වහනය වන බැවින් ඔහු මිගොස් දින කිහිපයක් වන බවට පොලීසිය සැක පහල කරයි.

දුඹුරු පැහැති කොට කලිසමක් සහ කොළ පැහති ටී-ෂර්ට් එකක් ඇඳ සිටි මෙම මිය ගොස් ඇති පුද්ගලයා පැලඳ සිටි රබර් පාවහන් යුගලයෙන් එකක් මාර්ගය ආසන්නයේ සහ අනෙක් එක ඔහුගේ කකුලේ දැවටී ඇති බවට පොලසිය කළ විමර්ශණවලදී අනාවර්ණයවී ඇතිබවද සඳහන්වේ.

කුලියාපිටිය කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.ජී. රණතුංග මහතා ඇතුඵ කණ්ඩායමක් ස්ථානීය පරීක්ෂණයක් සිදුකරනු ලැබීය.

පන්නල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චතුරංග ප්‍රේමරත්න මහතා ඇතුළු කණ්ඩායමක් මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න පිළිබඳව සිද්ධිය සිදුවූ ස්ථානයට ආසන්නයේ ඇති සී.සී.ටී.වී. කැමරා පරික්ෂා කරමින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.