( උපුල් හේරත්)
අනුරාධපුර තෙප්පන්කුලම විදුහලේ 9 වසරේ සිසුවකු හිටිහැටියේ අතුරුදන් වී ඇතැයි එම විදුහලේ විදුහල්පතිවරිය අනුරාධපුර පොලිසියේ කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ අංක 217, තෙප්පන්කුලම, සාලියපුර පදිංචි ඩබ්.ජී. පසිදු මල්ශාන් (15) නමැති සිසුවාය.
පෙරේදා (14) උදෑසන මෙම සිසුවා පාසල් දොරටුව අභියසට පැමිණ, ඔහුගේ මිතුරෙකුට පාසල් බෑගය දි පිටව ගොස් ඇති අතර මිතුරා විසින් පාසැල් බෑගය පන්ති කාමරයේ තබා පන්තිභාර ගුරුතුමියට ඒ බව දැනුම් දී ඇත. සවස් වනතුරුම පසිදු සිසුවා පාසලට නොපැමිණි හෙයින් විදුහල්පති ඩබ්. යසපාල මහතා විසින් අනුරාධපුර පොලිසියේ කාන්තා කාර්යාංශයට පැමිණ පැමිණිල්ලක් කර ඇත.

