අනුරාධපුරයේදී ජවිපෙ විරෝධතාවයක්


(දයාරත්න ඇඹෝගම)

   ‘‘රට අරාජික කළ මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු”යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් සහ විරෝධතා පා ගමනක් අද (28) අනුරාධපුරයේදී පැවැත්විණි.

මෙම විරෝධතා පා ගමන ඩි.එස්.සේනානායක වට රවුම අසලින් ආරම්භ වී මෛත්‍රීපාල සේනානායක මාවතේ ගමන් කර මහජන පොල ඉදිරිපිට පිහිටි ප්‍රජා ශාලාවට විරෝධතාකරුවෝ එක්රැස්වූහ.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, දේශපාලන මණ්ඩලික සමාජික කේ.ඩි.ලාල්කාන්ත,සමස්ත ලංකා ගොවි සංවිධානයේ උප සභාපති රඹෑව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න,අනුරාධපර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් වන අසේල විජේසිංහ, කීර්ති වැවේගෙදර,සීතා හේරත් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.