අනුරාධපුර ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවෝ රිමාන්ඩ්


උපාලි ආනන්ද 
 
අනුරාධපුර වන්නියන්කුලම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු   කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ   සැකකරුවන් හතර දෙනා ලබන 23 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද  නියෝග කළේය.

 
එදිනට සැකකරුවන් සිව් දෙනාම හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද නියෝග කැරිණි. 
 
මෙසේ රිමාන්ඩ් කළේ ආර් එම් චමින්ද චන්ද්‍ර කුමාර,  පී ටී ඉමල්ක පැතුම් කුමාරසිංහ,  මාලක සුදත් විජේසිරි  සහ ඒ ඒ  ධම්මික සුරංග  යන සැකකරුවෝය.
 
ඝාතනයට ලක්වූ ප්‍රසන්න හෙට්ටිආරචිචි සහ ප්‍රධාන සැකකාර  චමින්ද චන්ද්‍රකුමාර යන අය අතර කලක සිට පවතින ආරවුලක් දුරදිග යාමෙන්  මෙම ඝාතනය සිදු ව ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි.