(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්ථාන දෙකක් වටලා, කළමනාකාරවරියන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් 8 දෙනකු , අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
මාගම්මන සහ ජයලියගම යන ප්‍රදේශ වල කුලී පදනම මත ලබාගත් ස්ථාන දෙකක මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
ඒ අනුව ජයලියගම ප්‍රදේශයේ දෙමහල් නිවසක් මාස 8 ක සිට රුපියල් 80,000 මුදලකටත්, මාගම්මන ප්‍රදේශයේ නිවසක් රුපියල් 30,000 ක මුදලකට , සති දෙකකට පෙර ලබාගෙන, අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කොට ,මෙසේ කාන්තාවන් මුදලට අලෙවි කර ඇති බව පැවසේ.
ඒ වනවිට ජයලියගම ලැගුම්හලේ රැදී සිටී කළමනාකාරවරිය සමග කාන්තාවන් තිදෙනකු ද මාගම්මන ලැගුම්හලේ සිටි කළමනාකාරවරිය සමඟ කාන්තාවන් තිදෙනෙකුද මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි .
පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී , මෙම කාන්තාවන්ගේ ඡායාරූප හා තොරතුරු අන්තර්ජාලයේ පලකොට රුපියල් 5000 සිට රුපියල් 10,000 දක්වා මුදලකට අලෙවි කර ඇති බවත් ,පැය 24 පුරා සේවා සැපයීමට එහි රැඳී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසේ .