(උපාලි ආනන්ද)
අසල්වැසි නිවසකින් අඔ ගෙඩි 19ක් අනවසරයෙන් කඩා ගත් බවට සැකපිට අත් අඩංගුවට ගත් කාන්තාවකට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂන් කැකුණවෙල මහතා අද (17) නියෝග කළේය.
ලබන වසරේ ජනවාරි 30 වැනි දා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද සැකකාර කාන්තාවට නියෝග කැරිණි.
සැකකාර කාන්තාව අනවසරයෙන් කඩා ගත් බවට සැකකරන අඔ ගෙඩි 19 ක් ද පොලිස් බාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස ලේඛණ ගත කර තිබේ.
තමන් අනවරසයෙන් අඔ ගෙඩි 19 ක් නොකැඩූ බවත් අඹ මාලූවක් සඳහා තමන් අනවසරයෙන් කඩා ගනු ලැබුවේ අඔ ගෙඩි තුනක් පමණක් බවත් සැකකාර කාන්තාව සිය කටඋත්තරය මගින් පොලිසියට ප‍්‍රකාශ කරනු ලැබුවාය .