අනවසරයෙන් මැණික් ගැරූ තිදෙනකු අත්අඩංගුවට


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

ඕපනායක පොලිස් බල ප්‍රදේශයට අයත් කටිටාංගෙ  දාංදාව ප්‍රදේශයේ  වේ ගඟ ආසනයේ   අන වසරෙන්  මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු  මැණික් ගැරිම සදහා යොදාගත් උපකරණ සමග  අද (22)  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඕපනායක  දකුණු හුණුවල ,දාංදාව සහ පන්හිල ප්‍රදේශවල පදිංචි  හතලිස් පහ,පනහ සහ තිස්පස් හැවිරිදි සැකකරුවන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.