අනවසර ඉදි කිරීමක් ඉවත් කිරීමට ගොස් උණුසුම් තත්ත්වයක්


(  එම් .සුසිල් ප්‍රියන්ත )

අම්බලන්ගොඩ දලුක්කන්ද ප්‍රදේශයේ අම්බලන්ගොඩ නගර සභාවට අයත් ඉඩමක ඉදිකර තිබූ අනවසර නිවසක් අද (20 ) ඉවත් කිරීමට යාමේදී නිවැසියන් හා අම්බලන්ගොඩ නගර සභා නිලධාරීන් අතර දැඩි උණූසුම්  තත්ත්වයක් ඇතිවිය .

ඇතිවූ මේ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට නගර සභා නිලධාරීන්ට අම්බලන්ගොඩ පොලිසියේ නිලධාරීන්ද කැදවීමට සිදුවිය.

අම්බලන්ගොඩ නගර සභාවට අයත් මේ භූමියේ ඉදිකර තිබු මේ අනවසර නිවස ඉවත් කිරීමට නගර සභා නිලධාරින් ක්‍රියාකිරීමට පටන් ගැනීමත් සමගම එම අනවසර නිවැසියන් ඊට දැඩි සේ විරුද්ධවීම නිසා නගර සභා නිලධාරීන්ට පොලීසිය කැදවීමටද සිදුවිය .

පොලීසියේ ආරක්ෂාව මධයේ නගර සභා නිලධාරීන් විසින්  මේ අනවසර නිවස එම ස්ථානයෙන් ගලවා ඉවත් කරන ලදි .