(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා සහ ජේ කේ එල් චමින්ද )
ගාල්ල මාපලගම මාර්ගයේ තලගහ තොටගොඩදි පෞද්ගලික බසයක ගැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
යක්කලමුල්ල සිට ගාල්ල දක්වා ගමන් ගත් පෞද්ගලික බසයක ගැටීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 50 ක පමණ පුද්ගලයෙකි.
බස්රථයේ රියදුරා පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ. අක්මීමණ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ පවත්වයි.