(ජේ.කේ.එල් චාමින්ද)
හරක් සොරකම් කිරිම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සිටි ප්‍රධාන පෙලේ ජාවාරම්කරුවකු විදේශීය රටක නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් සමඟ අද (24) අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය පවසයි.
ගාල්ල නෙළුව, තවලම, හිනිදුම, නාගොඩ, පොද්දල ,අක්මිමන යන පොලිස් බල ප්‍රදේශ තුළ ගවයින් සෙරකම් කිරිම සම්බන්ධයෙන් මොහු ප්‍රධාන සැකකරුවෙකු බවට හදුනාගෙන ඇති බවද පොලිසිය කියයි.
මොහු කාලයක සිට පොලිසිය මඟ හරිමින් සිටි අයෙකි.
මොහුට විරුද්ධ ගවයින් සොරකම් කිරිම සම්බන්ධව හබරාදුව ,ගාල්ල අක්මිමන, යන පොලිස් බල ප්‍රදේශ තුළ අධිකරණයේ පවරා ඇති නඩු වලට ඉදිරිපත් නොවිම සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර ඇති බවද පොලිසිය පවසයි.