පාලිත ආරියවංශ
අධිකරණ වරෙන්තු 10 ක් ලබා සිටි 28 හැවිරිදි සැකකරුවෙකු බදුල්ල පොලිසිය කරන ලද වැටලීමකදී අද(17) අත්අඩංගුවට ගෙන තිබේ .
ගෙවල් බිදුම් සොරකම් වලට අදාලව මෙම වරෙන්තු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ බව පොලිසිය සඳහන් කළේය.
ප්‍රදේශයෙන් පලාගොස් සිටි සැකකරු නිවසට පැමිණ ඇති බව බවට ලැබුණ තොරතුරක් මත බදුල්ල විනීතගම පිහිටි නිවස වටලා ඔහු අත්අඩංගුවට ගෙන තිබිණ.
බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත හා සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වේහිත දේශප්‍රිය මහතාගේ මෙහෙයවීම යටතේ බදුල්ල අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එරික්රෝහිත මහතා ඇතුලු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළහ
අධිකරණ වරෙන්තු 10 ක් ලැබූ පුද්ගලයෙක් අත්අඩංගුවට
Recommended Articles