අධික වර්ෂාවෙන් ගමනාගමනයට බාධා


(රංජිත් රාජපක්ෂ)                       

හැටන් , කොටගල , තලවකැලේ, වටවල ගිනිගත්හේන යන ප්‍රදේශවලට අද (01) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.

අධික වර්ෂාවත් සමඟ ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන්  හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය , හැටන් කොළඹ  ප්‍රධාන මාර්ගය සහ හැටන් සිට ගිනිගත්හේන දක්වා රථ වාහන ගමනාගමනයය බාධා එල්ල විය.

අධික වර්ෂාව පවතින කාලය තුළ එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.