(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුව සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අද(11) ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී පැවැත්විණි.
ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදීමක් ද සිදුකෙරිණි.
මෙම අවස්ථාවට එම එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ඇතුළු අතුරුදන්වූවන්ගේ ඥාතීහු පිරිසක් එක්වසිටියහ.