අතුරුදන්වූ ධීවර යාත්‍රාව මාලදිවයින් මුහුදේ


දීපාල් සිල්වා
 
මීට සති දෙකකට පමණ පෙර අතුරුදන් වූ බව කිය ධීවර යාත්‍රාව සහ ධීවරයන් හත් දෙනා මාලදිවයින් මුහුදේ සිටිය දී සොයා ගත් බව දීවර සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පැවසීය.
 
මේ වන විට නවික හමුදා නැවක් එම ස්ථානයට යොමුකර ඇති බත් මාලදිවයිනේ වෙරළ ආරක්ෂක නැවකින් ඔවුන් ⁣ශ්‍රී ලංකා නාවික හමුදාවට බාරදිමට නියමිත බවත් ඒ මහතා කීවේය.  
 
පසුගිය මාසයේ 29 වැනි දා සිට සින්දූර්-2  ධීවර යාත්‍රාව අතුරුදන් බවට ගාල්ල් නාවික හමුදාවට එහි හිමිකරු වන රොහන් මනොජ් මහතා  පැමිණිලි කර තිබුනි.