(ඩී .කේ.රත්න )
වැලිමඩ ප‍්‍රාදේශිය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරු අද ( 16 ) වැලිමඩ නගරයේ ප‍්‍රධාන බස් නැවතුම ආසන්නයේ හේමපාල මුණිදාස මාවත අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.
වැලිමඩ දඹවින්න ප‍්‍රදේශයේ පවතින ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් ඉඩමක් වත්මන් ආණ්ඩුවේ කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා විසින් අත්තනෝමතික ආකාරයෙන් බෙදා පුද්ගලයින් කිහිප දෙනෙකුට ලබා දී ඇති බව පවසමින් පොදුජන පෙරමුනේ මන්ත‍්‍රිවරු මෙම විරෝධතාවය පැවැත්විය.
විරෝධතාවයට එක්වු මන්ත‍්‍රිවරු ප‍්‍රකාශ කර සිටියේ වැලිමඩ ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතන කිහිපයක් මෙම ඉඩමේ ස්ථාපිත කිරීමට සැළසුම් සකස් කර තිබියදී අමාත්‍යවරයා සිය හිතවතුන්ට මෙම ඉඩම කට්ටිකර දී ඇති බවයි.
ඔවුන් වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියේ මේ පිළිබදව රජය මැදිහත්ව විසදුමක් ලබා නොදුනහොත් ප‍්‍රදේශයේ ජනතාව එක්ව දැඩි විරෝධතා ව්‍යාපාරයකට එළබෙන බවයි.
ප‍්‍රධාන මාර්ගය හරස් කර පැවති විරෝධතාවයෙන් පසු අද ( 16 ) පැවැත්වෙන ප‍්‍රාදේශිය සභා මාසික රැස්විම සදහාද සඨන් පාඨ කියමින් විරෝධතා පුවරු රැගෙන ගිය පොදුජන පෙරමුනේ මන්ත‍්‍රී වරු සභා ගැබේදීද විරෝධතා පුවරු ප‍්‍රදර්ශණය කරමින් නොසන්සුන් කාරි ලෙස හැසිරුණ අතර ඉන් පසු වැලිමඩ ප‍්‍රාදේශිය සභාවේ සභාපති එස්.ඒ.ආර්. බන්දුසේන මහතාට සිය ඉල්ලිම් සහිත ලිපියක්ද භාර දෙන ලදී.
එම කටයුතු වලින් පසු පොදුජන පෙරමුණේදී මන්ත‍්‍රිවරු විරෝධතාව නිමා කර ප‍්‍රාදේශීය සභා මාසික රැස්විම සදහා සහභාගි විය.