අත්තක් කඩා වැටී මෝටර් රියකට හානි


( බුද්ධික කුමාරසිරි)

මීගොඩ -  පිටකොටුව බස් මාර්ගයේ පනාගොඩ මංසන්ධියේ පිහිටි බෝ ගසේ අත්තක් අද(7)  එක්වරම මාර්ගයට කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයකට දැඩි අලාභ හානි සිදුව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.

අතුරුගිරිය දෙස සිට ගොඩගම දෙසට ධාවනය වූ පෞද්ගලික ආයතනයකට අයත් මෝටර් රථයකට මෙලෙස හානි සිදු ව ඇති අතර එහි ගමන් ගත් කිසිවකුට අනතුරක් සිදුව නොමැති බවද පොලිසිය පවසයි.