(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට වළදුර ප්‍රදේශයේ ඉඩමක අතහැර දමා තිබූ අරක්කු කාලක් සහ බියර් බෝතලයක් කලවම් කර පානය කළ තිදෙනෙකුගෙන් එක් අයෙකු අද (09) මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.
සිද්ධියට මුහුණ දුන් අනෙක් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය බව රත්නපුර මහ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
තරුණයින් තිදෙනෙකු මෙම අරක්කු කාල සහ බියර් බෝතලය දැක එය රැගෙන ගොස් කලවම්කර පානය කර ඇති බවත් පසුව ඔවුන් සිහිසුන්ව ඇදවැටී ඇති බවත් පොලිසිය පැවසීය.
ඔවුන් වැටි සිටිනු දුටු අයෙක් පොලිසියට කළ දැනුම්දීමක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති බවත් පසුව ප්‍රදේශවාසීන් සමඟ එක්ව මෙම තරුණයින් තිදෙනා රෝහල් ගතකර ඇති බවත් පොලිසිය පැවසීය.
තරුණයින් තිදෙනාගෙන් එක් අයෙක් රෝහල වෙත රැගෙන යන අතරතුරදී මියගොස් ඇති බවත් අනෙක් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය කීය.