(චන්ද්‍රසේන ගමගේ)
අගුණකොළපෑලැස්ස පොලිස් වසමේ බරවකුඹුක, සමනලගම මංසන්ධිය ආසන්නයේ පිහිටි ව්‍යාපාරකයෙකු ගේ නිවසකට අද (16) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලීසිය පවසයි.
ව්‍යාපාරිකයා ඇඹිලිපිටියේ සිට තම බිරිද ගේ මෝටර් රථයෙන් නිවසට පැමිණි බවත් තමන් මෝටර් රථය නිවසට ඇතුළු කරනවාත් සමඟ මෝටර් රථයට ගල් ප්‍රහාරයක් එල්ල වූ බවත් ඉන් අනතුරුව මොටර් රථ අංගනයේ දොරට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවත් පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පලා ගිය බවට ව්‍යාපාරිකයා පොලීසියට පවසා තිබේ.
ව්‍යාපාරිකයා ගේ බිරිඳ අම්බලන්තොට ප්‍රදේශයේ රෝහලක වෛද්‍යවරියක් බවත් ව්‍යාපාරිකයා ඖෂධ වෙළෙදාමේ හා වාහන බ්‍රෝකර් කෙනෙකු වශයෙන් කටයුතු කරන බවත් පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අගුණකොළපැලැස්ස පොලීසිය පරීක්ෂණ සිදු කරමින් පවතී.