(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ආගරපතන ඩයගම ප්‍රදේශයට අද (25) සවස ඇද හැලුණු අධික වර්ෂාවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත.
එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇත.
අග්‍රා ඔය පිටාර ගැලීමෙන් මෙම ජල ගැලීම් තත්ත්වය හට ගෙන පැවැති අතර මේ හේතුවෙන් ඩයගම බටහිර වතුයායේ අංක තුන කොටස ජලයෙන් යටවී තිබේ.
එම ප්‍රදේශයේ නිවාස දෙකක්ද ජලයෙන් යටවී ඇති අතර කෝවිල් භූමිය හා මාර්ගය සම්පුර්ණයෙන් ජලයෙන් යටවී පැවැතිණි.
එම ප්‍රදේශයේ එළවළු වගා බිම් රැසක් ජලයෙන් යටවී සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත.
අග්‍රා ඔය දෙපස පදිංචි ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස ඩයගම පොලිසිය උපදෙස් ලබා දී තිබේ.