(මොහොමඩ් ආසික්)
අකුරණ නගරයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර මාතලේ ඒ 09 මාර්ගය අවහිර වී අද (01) සවස වාහන ගමනාගමනයට බාධා එල්ලවිය.
අකුරණ නගරය හරහා ගලා බසිනා වහගලඔය පිටාර ගැලීම නිසා අකුරණ නගරය ජලයෙන් යටවී ඇති අතර තව දුරටත් ජල මට්ටම වැඩිවෙමින් පවතින බව ප්‍රදේශයේ ජනතාව කියති.
ජල ගැලීම හේතුවෙන් අකුරණ නගරයේ ව්‍යාපාරික ස්ථාන 300 කට පමණ ජලය ඇතුල්වී ඇති බව ව්‍යාපාරිකයෝ පවසති.