(මොහොමඩ් ආසික්)
අකුරණ නගරයට නිරන්තරයෙන් ඇති වන ගංවතුරෙන් සිදු වන හානි වළක්වා ගැනීම සඳහා නාසා ආයතනයේ සහාය ලබා ගෙන විශේෂ වැඩ පිළිවෙළක් සකස් කරන බවත් ඉදිරි මාසයක් වැනි කාලයක් තුළ එය ක්‍රියාත්මක කරන බවත් අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් මහතා කීය.
අද (07) වැනිදා අලවතුගොඩ පිහිටි අකුරණ ප්‍රාදේශීය සභා කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා එම අදහස් ප්‍රකාශ කළේය.
ඔක්තෝබර් පළමුවන දින රාත්‍රී කාලයේ අකරණ නගරය ජලයෙන් යටවීම හේතුවෙන් වෙළඳ සැල් 300 කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවූ අතර පැය තුනකට වැඩි කාලයක් ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනයද ඇනහිට තිබිණ.
25 වරකට වැඩි ප්‍රමාණයක් අකුරණ නගරය ජලයෙන් යටවී ඇති බවත් එමගින් නගරයේ ව්‍යාපාරිකයින්ට රුපියල් බිලියන ගණනාවක අලාභයක් සිදුව ඇති බවත් ජාතික ආර්ථිකයටද මෙමගින් විශාල අලාභයක් සිදුව ඇති බවත් සභාපතිවරයා මෙහිදී කීය.
සභාපතිවරයා මෙහිදී තව දුරටක් සඳහන් කළේ දේශපාලඥයින් පසුගිය වසර 20 තුළම ඡන්ද පදනම බලාගෙන දේශපාලන වාසියට ක්‍රියාකිරීම නිසා මෙම ගංවතුර ගැටළුවට විසඳුමක් ලබා නොදුන් බවයි.
පසුගිය කාලයේ රජයේ ප්‍රබල ඇමතිවරුන් මෙම ගංවතුර තත්වය පරීක්ෂා කිරීම සඳහා පැමිණ රැස්වීම් තියා විවිධ පොරොන්දු දී ගියද ඒවා කිසිවකින් ප්‍රයෝජනයක් නොවූ බවත් අදත් කුඩා වැස්සකටත් නගරය ජලයෙන් යටවන බවත් සභාපතිවරයා කීය.
දේශපාලඥයින්ගේ මෙම ක්‍රියාවන් නිසා කෙටි කලකින් විසඳිමට තිබූ මෙම ගැටළුව වසර 20 කට වැඩි කාලයක් ඇද ගෙන ඇවිත් තිබෙන බවද සභාපතිවරයා කීය.
මේ සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස අධ්‍යයනය කර විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. එය ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ඒ අතර ඇළට දැඩි ලෙස අවහිරව ඇති ගොඩනැගිලි අටක් හඳුනා ගෙන ඇති අතර එම ගොඩනැගිලිවල සැලසුමට පිටින් ඉදි කර ඇති කොටස් ඉවත් කිරීම , ඉදි කර ඇති පාලම් හතරක් හඳුනා ගෙන ඇති අතර එම පාලම්ද කඩා අලුතින් අදට ගැළපෙන ආකාරයට නව පාලම් ඉදි කළ යුතුව ඇතැයි ඒ මහතා කීය.
නමුත් මේ සඳහා ප්‍රාදේශිය සභාවක් වශයෙන් අපට ප්‍රතිපාදන නෑ. රේඛිය අමාත්‍යාංශ ඇවිත් බලල ගියත් ඔවුන් අපට ප්‍රතිපාදන දෙන්නෙත් නෑ. ඒ අය කරන්නෙත් නෑ. ඒ නිසා අපට පුළුවන් විදිහට යම් දෙයක් කරන්න ඕන කියල අපි හිතනවා.
මෙහි ප්‍රධානම අංගයක් ලෙස ගංවතුරක් ඇති වූ විට එයින් ඇති වන හානි වළක්වා ගැනීම සඳහා නාසා ආයතනයේ සහායෙන් ගංවතුරක් ඇති වන බව කලින් හඳුනාගෙන ජනතාවට පණිවිඩයක් ලබා දිය හැකි ක්‍රමයක් හඳුන්වා දීමට අපි පියවර ගනිමින් ඉන්නවා.
තව මාසයක් වැනි කාලයක් තුළ එය කරන්න පුළුවන් වෙයි. ඒ වගේම අකුරණට කාලගුණික තත්වයන් දැනුම් දිය හැකි මධ්‍යස්ථායක් ස්ථාපිත කිරීමටත් අපි කටයුතු කරමින් සිටින බවද සභාපතිවරයා මෙහිදී කීය.
සාමාන්‍යයෙන් පැය තුනක කාලයක් මිලි මීටර් 40 ක වර්ෂාපනයක් අකුරණට ලැබුණොත් අනිවාර්යෙන්ම නගරය ජලයෙන් යට වන බව සමීක්ෂණයකින් හෙළි කර ගෙන තියෙනවා යැයිද සභාපතිවරයාමෙහිදී කීය.
මෙම මාධ්‍ය හමුවට අකුරණ ප්‍රාදේශිය සභාවේ උප සභාපති සරත් අමරකෝන් මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද එක්ව සිටියහ.