( ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ඉමදූව, දඩුවන ග්‍රාම නිලධාරි වසමේ නිවෙසට එල්ලවූ අකුණු සැර හේතුවෙන් අඹුසැමි යුවළක් පිලිස්සුම් තුවාල ලබා කරාපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
අකුණු සැර එල්ලවූ නිවෙස්වලට සවිකර තිබූ විදුලි උපකරණ සියල්ලම පාහේ පිලිස්සීගොස් ඇතැයි පොලීසිය කියයි.
පවතින ධාරානිපාත වර්ෂාව සමග පැවති අකුණු සැර හේතුවෙන් ඉමදුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඟුළුගහ,රංගොඩ සහ දඩුවන යන ග්‍රාම නිලධාරි වසම් වල නිවාස තුනක සාමාජිකයින් 12 දෙනෙක් අද (15) දින ආපදාවට පත්ව ඇතැයි ඉමදුව ප්‍රාදේශීය ලේකම් ජී.ජී.ලක්ෂ්මි කාන්ති මෙනවිය පැවසුවාය.

