අකුණු සැර වැදී නිවාස 8 කට හානි


(එම් .සුසිල් ප්‍රියන්ත සහ සරත් ආනන්ද  )

බද්දෙගම හිගුරගොඩදුව වත්ත  ප්‍රදේශයට අද  (15 ) පස්වරුවේ  එල්ලවූ අකුණූ පහරකින් එම ප්‍රදේශයේ නිවාස  අටකට පමණ දැඩි අලාභහානි සිදුව ඇතැයි බද්දෙගම  පොලීසිය කියයි .
 
අකුණු ගෙය ඇතුලේ  පිපිණු අධික ශබ්ධයට නිවාස දෙකක ළමුන් දෙදෙනෙකු දැඩි කම්පනයට පත්ව ඇති බවද පොලීසිය කියයි .
 
බොහෝ නිවාසවල ව්දුලි මීටර් විනාශව ගොස් ඇති බවත් එම නිවාසවල  ඒ අවස්තාවේදි විදුලිය හා සම්බන්ධ කර තිබූ විදුලි උපකරණ රැසක්ම පිචිචි ගොස් ඇති බවත් පොලීසිය කියයි.