අකුණු සැර වැදී අයෙක් මරුට


( දයාරත්න ඇඹෝගම)

කනදරාව වැවේ ඇල මාර්ගයේ දිය නාමින් සිටි 41 හැවිරිදි පුද්ගලයෙකු අකුණු සැර වැදිමෙන් මිය ගොස් ඇතැයි මිහින්තලය පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මහකනදරාව,යාය 02 පදිංචිව සිටි ඉන්දික සුසන්ත(41)නැමති දෙදරැ පියෙකි.

මිය ගිය පුද්ගලයා තම බිරිද සමග නිවස අසල පිහිටි කනදරාවැවේ ඇල මාර්ගයට දිය නෑමට ගොස් සිටියදි අකුණු පහරකින් බරපතල පිළිස්සුම් තුවාල සිදුවි ඇතැයි පොලිසිය කියයි.

අනතුරැව මෙම පුද්ගලයා රඹැව රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලටත් ඇතුලත් කිරිමෙන් අනතුරැව ප්‍රතිකාර ලබමින් සිටියදි අනුරාධපුර ශික්ෂණ රෝහලේදි මිය ගොස් තිබේ.

මෙම සිද්ධියෙන් වෙනත් කිසිවෙකුටත් හානියක් සිදු නොවු බව මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන මිහින්තලය පොලිසිය කිය.