අක්මා රෝගී දරුවා සුව කරගන්න ආධාර පතයි


(බුද්ධික කුමාරසිරි)

මීගොඩ දාම්පේ අංක 135/ බී නිවසේ පදිංචි මාස හතක් වයසැති දිනද සියසර දරුවා දරුණු අක්මා රෝගයකින් පෙලෙන බැවින් මේ වන විට රාගම උතුරු කොළඹ රෝහලේ විශේෂඳ වෛද්‍ය ශාමන් රජීන්ජිත් මහතා යටතේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.

වෛද්‍ය ශාමන් රජීන්ජිත් මහතාගේ නිගමනය වී ඇත්තේ දරුවාට සති දෙකක ඇතුළත හැකි ඉක්මනින් අක්මාවක් බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් සිදු කළ යුතු බවයි. ඒ සදහා ඉන්දියාවේදී රෝහලක මෙම ශල්‍ය කර්මයක් කල යුතු බැවින් රුපියල් ලක්ෂ හැටක පමණ මුදලක් වැය වන බව දරුවාගේ දෙමාපියෝ පවසති.

මෙම දරුවාගේ පියා ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ සාමාන්‍ය සෙබලෙකු ලෙස රැකියාවේ නිරත අතර මව රැකියාවක් නොකරන බැවින් ඔවුනට මෙම මුදල සොයාගැනීමට අපහසුවී ඇත. මේ සඳහා පරිත්‍යාගශීලින්ගේ ආධාර පතන එම දෙමාපියෝ ශල්‍ය කර්මය සදහා උදව් කළ හැකි නම් ලංකා බැංකුව මීගොඩ ශාඛාවේ ගිනුම් අංක 76926518 -   පී ඒ ටි සංජීව යන ගිණුමට මුදල් ආධාර බැර කළ හැකි බව පවසති. වැඩි විස්තර 0788 148166 හෝ 0774421564 යන දුරකථන අංකවලින් ලබාගත හැකිය.