රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨය සංවිධානය කරනු ලබන ‘‘රුහුණු වෙද විදු අබිමන්“ වෛද්‍ය ප්‍රදර්ශනය මාර්තු මස 24 සිට 29 දින දක්වා ගාල්ල කරාපිටියේ දී පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙවැනි ප්‍රදර්ශනයක් රුහුණ වෛද්‍ය පීඨයේ පැවැත්වෙන්නේ දස වසරකට පසුවය.
ක්ෂේත්‍ර 32ක් යටතේ මේ ප්‍රදර්ශනය පැවැත්වෙන අතර නවීන තාක්ෂණික ක්‍රමෝපායයන් භාවිතා කරමින් මිනිස් සිරුර හා සෞඛ්‍ය පිළිබඳ ප්‍රේක්ෂකයන්ට අවබෝධයක් ලබාදීමට ද නියමිතය.
කළල අවස්ථාවේ සිට මරණය දක්වා සියළු අවස්ථා, ළදරු, ළමා, යෞවන, මහලු ආදී වශයෙන් සියලු වයස් කාණ්ඩයන්ට බහුලව වැළඳෙන රෝග පිළිබඳව ද ඒවායින් වැළකී සිටින ආකාරය පිළිබඳව ද දැනුම්වත් කිරීමට අවශ්‍ය ප්‍රදර්ශන කුටි රැසක් නිර්මාණය කැර ඇත.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ වෛද්‍ය අධ්‍යාපනය ආරම්භ වූ ආකාරයත් වෛද්‍ය විද්‍යාවේ නවීන සොයාගැනීම් හා නව තාක්ෂණය යොදා ගන්නා ආකාරයත් මහජනතාවට පෙන්වීමට නියමිතය.
මෙඩ් රූ 2016 ලෙස මෙම ප්‍රදර්ශනය නම් කර ඇත.