(නිමල කොඩිතුවක්කු)
2015 ට පෙර රාජපක්ෂ කඳවුරේ සිටි එක පුද්ගලයෙක්වත් නැවත ප‍්‍රතිසන්ධානය වී නොමැති බවත් මේ අය යළිත් බලයට පැමිණියහොත් රටටත් ජනතාවටත් අබ සරණයි යැයිද හිටපු පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද ලැනරෝල් මහතා පැවැසීය.
ඇමෙරිකාවට විරුද්ධව මොර දෙන මෙම පිරිසම බලයේ සිටියදි ඇමරිකාව සමඟ ගිවිසුම් වලට එළැමි බවත් අවශ්‍යතාවය මත ඔවුන්ට කබරගොයා තලගොයා වන බවත් ඔහු සදහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ අද(23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.