(විනීතා එම් ගමගේ)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබද සොයා බැලීම සදහා පත්කරන ලද තේරීම් කාරක සභාව පත් කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ඔවුනට එන චෝදනා වෙනත් පිරිසකගේ කර මත පටවා බදියුදීන්ට එල්ල වී ඇති විශ්වාස භංග යෝජනාවෙන් ද නිදොස් කොට නිදහස් කරන්නට මඟක් පාදා ගැනීම යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ප‍්‍රකාශ කළේය.
මේ තරම් පැමිණිලි රැසක් එද්දී ඒවා සටහන් කර ගැනීමේ නිසි ක‍්‍රමවේදයක් පවා ආණ්ඩුව සකසා නැතැයි ද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
මෙම තේරීම් කාරක සභාව කතානායකවරයා විසින් පත් කරන ලද එකක් බැවින් එය ස්ථාවර නියෝග යටතේ ක‍්‍රියාත්මක වන බවත් එහෙත් එම සාක්ෂි හෝ වාර්තාවන් සාක්ෂි ලෙස අධිකරණය ඉදිරියේ භාවිත කළ නොහැකි බවත් හෙතෙම සදහන් කළේය.
සාමාන්‍යයෙන් සියලූ තේරීම් කාරක සභා මාධ්‍යට විවෘත නොකරන බව සිහිපත් කළ පේ‍්‍රමජයන්ත මහතා මෙම තේරීම් කාරක සභාව ද විවෘත එකක කළ යුතු නැතැයි කීය.
මෙම තේරීම් කාරක සභාවට ආණ්ඩුවගෙන ආ සංශෝධනවලට විපක්ෂය විරුද්ධ වූ බව කී මන්ත‍්‍රීවරයා මුල් අරමුණුවලින් බැහැර වී යන බව පෙනී ගිය බැවින් විපක්ෂය එය වර්ජනය කළ බව ද කියා සිටියේය.
එකී කමිටුව නියෝජනය කරන්නට තමන් සිටියේ නම් රාජ්‍ය බුද්ධි අංශවල සාක්ෂි මාධ්‍යයට විවෘත නොකරන බවත් වෙනතක් තබා රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා තමන් දුටුවේ එම සාක්ෂිවලින් බවත් ඔහු තවදුරටත් සදහන් කළේය.
අධිකරණය ඉදිරියේ චූදිතයකු වූ අයෙකු මේ තේරීම් කාරක සභාවේ සාමාජිකයෙක් වී සාක්ෂිකරුවන්ගෙන් ප‍්‍රශ්න අසනු ද ඔහු පුවත්පත් කියැවීමෙන් ඉගෙන ගත් බව කියනු ද මාධ්‍ය තුළින් දුටු බව හෙතෙම කියා සිටියේය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට කලූතර දී හූ සංග‍්‍රහයක් ලැබුණු බව කී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කරන්නට ඇති දේ වෙනුවට වෙනත් දේ කරමින් යන මේ ආණ්ඩුකාරයින්ට විරුද්ධව නීතිමය පියවර ගත හැකි යැයි ද පැවසීය.
අගමැතිවරයා අම්පාරේදී හදිසිනීතිය ඉවත් කරන්නට පෙර අලුත් නීති ගෙන එන්නට අවශ්‍ය යැයි කියා ඇතැයි ද නමුත් තිබෙන නීති ඉතා ප‍්‍රමාණවත් යැයි ද මේ හදන්නේ මානව හිමිකම් කොමිසමේ 30 12 වන වගන්තිය ක‍්‍රියාත්මක කරන්නට වූ පොරොන්දු ඉටු කරන්නට යැයි ද හෙතෙම කියා සිටියේය.
සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මේ අදහස් පළ කළේ විපක්ෂනායක කාර්යාලයේ අද (31) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී මාධ්‍ය ඇමතූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා කියා සිටියේ ඉතිහාසයේ කිසිදිනක බුද්ධි අංශ මෙසේ විවෘත කර නිර්දය ලෙස විවේචනය කර නැති බවයි.
සහරාන්ගේ කල්ලිය අවසන් කළේ යැයි කියන නමුත් අන්තවාදී ආගමික කල්ලියක් එසේ අවසන් කරන්නට පුළුවන් කමක් නැතැයි ද හෙතෙම සදහන් කළේය.
මුහුදු මහා විහාරයට යන මාවත අරාබි නමකින් අරාබි අක්ෂරවලින් නම් කර ඇති බව වාර්තා වූ බවත් ලෝකයේ කොතැනකවත් එවැනි දෙයක් එනම් රටේ නිල භාෂා හැර වෙනත් භාෂාවලින් මාවත් නම් කර නැති බවත් යාපා මහතා පැවසීය.
ජාතික ආරක්ෂාව හුදකලා කරන ස්වරූපයක් පවතින්නේ යැයි පැවසූ සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ සියයට 12.5 ක තිබුණු සීමාව 5ක් දක්වා අඩු කිරීමට පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ගත් තීරණය නිසා මෙවැනි විකෘතියක් ඇති වී යැයි ද ප‍්‍රකාශ කළේය.
1994 සිට බලද්දී 2010 හැර අනෙක් සෑම මැතිවරණයක දීම පාර්ලිමේන්තුවේ 113 ක් ගන්නට බැරි වූයේ මෙම විකෘතිතාව නිසා යැයි ද යාපා මහතා පැවසුවේය.
රටම වෙන්දේසි පොලක් වී ඇති අතර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට ඕනැ විදියට සියල්ල තීරණය වන බවත් රටක් පාලනය කළ යුත්තේ හොද පිරිමියෙක් හෝ ශක්තිමත් ගැහැණියක් බවත් එවැන්නන් අතීතයේ රට පාලනය කර ඇති බවත් සදහන් කළේය.
කුරුණෑගල සිද්ධිය පිළිබදව සිංහල කතුන් පැමිණිලි කරද්දීත් සෞඛ්‍ය අමාත්‍යවරයා කිසිම දෙයක් වී නැතැයි කියන්නේ කවර පදනමකින් දැයි පාලකයන් රට පාලනය කරනු වෙනුවට බලය රැක ගැනීමට කටයුතු කරන්නේ යැයි ද චෝදනා කළේය.
පාර්ලිමේන්තුවේ සිටින අධිකරණ නියෝගයකින් එළියට දැමූ එකම තැනැත්තා වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා බවත් එසේ එළියට වැටී සිටි ඔහු ජාතික ලැයිස්තුවෙන් යලි ඇතුළට ගත්තේ අගමැතිවරයා විසින් බවත් ඔහු කියා සිටියේය.
යළිත් අගමැති පදවියට පත්වු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මුලින්ම ප‍්‍රකාශ කරන ලද්දේ ජාතික ආරක්ෂාව අංක එක බව යැයි කී ඒ මහතා අපේ ආණ්ඩුවේ මුලිකත්වය ආණ්ඩුව රැක ගැනීම බවත් නායකයින් හා නායකයින් නොවන අය අතර වෙනස වන්නේ එය යැයි ද ප‍්‍රකාශ කළේය.

ඡායාරූප චතුර එස් .කොඩිකාර